දේශීය

40,000කට වැඩි සංඛ්‍යාවක් නිරෝධායනය අවසන්

(UTV |කොළඹ) – පුද්ගලයින් 40,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

අද (12) දිනයේ ද මධ්‍යස්ථාන 7 ක නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් 95 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතය.

මධ්‍යස්ථාන 57 ක් තුළ තවත් පුද්ගලයින් 6021 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර මේ වනවිට පුද්ගලයින් 40,401 දෙනෙකු නිරෝධායනය අවසන් කර ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මැදපෙරදිග රටවල රැදී සිටි පුද්ගලයින් 60 කට ආසන්න පිරිසක් අද දිනයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ද කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ (11) දිනය තුළ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 1890 ත් සමගින් මේ වන විට මෙරට තුළ සිදුකර ඇති පී.සී.ආර් පරීක්ෂකොළඹණ සංඛ්‍යාව 250,000 ට ආසන්න වී ඇති බව ද සඳහන් වේ.

Related posts

කොරියාවේ සිටින ශ්‍රමිකයන්ට පොදුසමා කාලයක්

Mohamed Dilsad

උදයංග වීරතුංගට ඇප

Mohamed Dilsad

තවත් විභාගයක ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment