ප්‍රමුඛ පුවත 1

විපතට පත්වූවන්ට චීනයෙන් රුපියල් මිලියන 400ක මුදලක්

(උදයම්,කොළඹ)  – මෙරට විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන රජය  විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව රජය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරියේදී අදාළ මුදල් චීන රජය විසින් මෙරටට ලබාදීමට කටයුතු කරනු ඇති බවය.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් තෙවන නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතය.

මේ අතර  ඇදුම් පැළදුම්, වියලි ආහාර, ඖෂධ සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ෂාර්දූල් නෞකාව ඊයේ දිනයේ දිවයිනට ළඟා විය.

එය ඉන්දීය සහනාධාර රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දෙවන නෞකාව වන අතර මීට පෙරද විපතට පත්වූවන්ට ආධාර රැගෙන තවත් නෞකාවක් මෙරටට පැමිණියේය.

Related posts

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කල විදේශීකයන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අනතුරු අවම කිරීමේ අරමුණින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දීප්ති ප්‍රතිරෝද පුවරු සවිකෙරේ

Mohamed Dilsad

ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ.

Mohamed Dilsad

Leave a Comment