ප්‍රමුඛ පුවත 1

විපතට පත්වූවන්ට චීනයෙන් රුපියල් මිලියන 400ක මුදලක්

(උදයම්,කොළඹ)  – මෙරට විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීන රජය  විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව රජය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරියේදී අදාළ මුදල් චීන රජය විසින් මෙරටට ලබාදීමට කටයුතු කරනු ඇති බවය.

එසේම විපතට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් තෙවන නෞකාව අද දිවයිනට ළඟාවීමට නියමිතය.

මේ අතර  ඇදුම් පැළදුම්, වියලි ආහාර, ඖෂධ සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් ෂාර්දූල් නෞකාව ඊයේ දිනයේ දිවයිනට ළඟා විය.

එය ඉන්දීය සහනාධාර රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි දෙවන නෞකාව වන අතර මීට පෙරද විපතට පත්වූවන්ට ආධාර රැගෙන තවත් නෞකාවක් මෙරටට පැමිණියේය.

Related posts

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

ජයත්මා වික්‍රමනායක මෙනවියට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

Leave a Comment