ප්‍රමුඛ පුවත 1

ජයත්මා වික්‍රමනායක මෙනවියට ජනපතිගෙන් සුබ පැතුම්

(උදයම්,කොළඹ)  – එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මෙනවියට ජනපතිගෙන් සුබ පැතුම් හිමි වෙයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා විසින් සිය තරුණ කටයුතු නියෝජිතවරිය ලෙස පත්කරගත් ශ්‍රී ලංකාවේ ජයත්මා වික්‍රමනායක මහත්මිය අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ශ්‍රී ලංකා කීර්තිනාමය ජගත් තලය තුළ පතුරුවමින් ජයත්මා වික්‍රමනායක මහත්මිය මාතෘභූමිය වෙනුවෙන් ලබාදුන් ගෞරවය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ඒ මහත්මිය වෙත සිය උණුසුම් සුභාශීංසන පිරිනැමූ අතර ශ්‍රී ලංකාවේ තරුණ පරපුර වෙනුවෙන් මෙන්ම සමස්ත ලෝකයේ තාරුණ්‍යය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කිරීමට හැකිවේවාය ද සුභාශිංසනය කළේය.

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මුතූර් තරුණ සංගමය රැස්වේ

Mohamed Dilsad

වෙසක් වෙනුවෙන් සියලූම සුරා සැල් වසා දැමීමට සුදානම්

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment