Trending News

බණ්ඩාරවෙල විරෝධතාවයක්

(උදයම්,කොළඹ)   –    බණ්ඩාරවෙල නගරයේ කඩ සාප්පු වසා දමා විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් ඒ අවට නිවාස වලට සිදුවන හානිවලට රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති බව පවසමිනි.

හානියට පත් ජනයාට සහන සැලසීම, දිය කාන්දුව වළක්වා ගැනීම, උමගේ ඉදිරි කැනීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය දිනා ගැනීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව එහි සංවිධායකවරු පවසති.

අප වාර්තාකරු පැවසුවේ අද දිනයේ බණ්ඩාරවෙල නගරයේ පාසල් වෙත සිසුන් පැමිණීම ඉතා පහත මට්ටමක පවතින අතර පාසල් වෑන් මගින් ද පුද්ගලික බස් රථ මගින් ද සිසුන් ප්‍ර‍වාහනය නොකරන බව ඊයේ(27) දිනයේ නිවේදනය කොට තිබූ බවය.

එම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථද ධාවනය නොවන අතර මේ නිසා නගරයේ ගමනාගමනයද ඇණහිට ඇත.

බිදුණුවැව සිට බණ්ඩාරවෙල දක්වා නගරයේ සෑම තැනම කළු කොඩි ඔසවා ඇති අතර  කිණිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක අවමංග්‍ය උත්සවයක් සඳහා සකසන අයුරින් කළු කොඩි ඔසවා ඇති බව වාර්තාවේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/BANDARAWELA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/BANDARAWELA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/BANDARAWELA-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/BANDARAWELA-04.jpg”]

Related posts

North Korean hockey players arrive in the South for joint team

Mohamed Dilsad

சீரற்ற காலநிலை காரணமாக உயிரிழந்தோர்களின் எண்ணிக்கை உயர்வு

Mohamed Dilsad

US and Sri Lanka strengthen trade and transportation partnership

Mohamed Dilsad

Leave a Comment