ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) – දිවයින ආශ්‍රිතව දැනට පවතින තද වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද  පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ.

දිවයිනේ සෙසු පළාත්වල සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් එහිදී ඇති විය හැකි බවද පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළන් ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් පෙන්වා දෙයි.

මේ අතර කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට නායයෑම් අනතුරු ඇඟවීම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හතරකට මෙලෙස අනතුරු අඟවා ඇති බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහනක්..

Mohamed Dilsad

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

රංගන ශිල්පී රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක් වෙයි

Mohamed Dilsad

Leave a Comment