Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොන්නි සම්බා සහල් ආනයනයට අවසර දෙමින් ගැසට් නිවේදනයක්

දේශීය කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා අදාළන ඔක්තෝබර් 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ගැසට් නිවේදනයට අත්සන් කර ඇත.

ඒ අනුව, කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR 11) පොන්නි සම්බා පමණක් ආනයනයට අවසර හිමි වේ. එසේම  එක් ආනයනකරුවෙකුට ආනයනය කළ හැකි උපරිම සහල් තොගය මෙට්‍රික් ටොන් 520 කි.

තවද, ආනයනය කරන ලද සහල් තොගය එළැඹෙන නොවැම්බර් 15 වැනි දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරිය යුතු බවට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනය මගින් කොන්දේසි පනවා තිබේ.

කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස මෙම පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කළ බව පසුගිය 14 වැනිදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.

ආනයන පාලන බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් මෙම සහල් තොග නිදහස් කිරීම පිණිස, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

Related posts

Several spells of light showers expected – Met. Department

Mohamed Dilsad

சிறிய, நடுத்தர அரிசி ஆலை உரிமையாளர்களுக்கு சலுகைகளை வழங்குவது தொடர்பில் அமைச்சரவைப் பத்திரம்

Mohamed Dilsad

Germany praises the new orientation in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment