Trending Newsඑසැන පුවත්දේශීය

දීපවාලි වෙනුවෙන් විශේෂ බස් සේවා

දීපාවලි උත්සවය වෙනුවෙන් ගමිබිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.‍

ඒ වෙනුවෙන් පිටකොටු බෝධිරාජ මාවත බස් පර්යන්තයේ සිට හැටන්, බදුල්ල, නුවරඑළිය , මස්කෙලිය, නානුඔය හා යාපනය ඇතුළු ප්‍රදේශවලට අද (18) දිනයේ අතිරේක බස් රථ 75 ක් යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ ය.

හෙට (19) ඉරිදා දිනයේ අතිරේක බස් රථ 73 කොළඹ සිට එම ප්‍රදේශවලට යොදවා ඇති බවද ඔහු පවසන ලදි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ එම බස් සේවාව 24 පැය පුරා ක්‍රියාත්මක බවය.

ලබන අඟහරුවාද සිට නැවත කොළඹ දක්වා පැමිණෙන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශික 12 ට අයත් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද පැවසුවේ ය.

මාකුඹුර හා පිටකොටුව බැස්ටියන් මාවතේ සිට දීපාවලි වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවද සඳහන් කරන ලදි.

අද හා හෙට දිනවල සාමාන්‍ය පරිදි දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

Related posts

Kalagedihena Attack: Eight including math tutor further remanded

Mohamed Dilsad

Police fires tear gas and water cannons to disperse unemployed graduates

Mohamed Dilsad

ශ්‍රී ලාංකික නැවියන් පිරිසක් සමග නෞකාවක් මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගනී

Mohamed Dilsad

Leave a Comment