Trending News

ශ්‍රී ලාංකික නැවියන් පිරිසක් සමග නෞකාවක් මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැහැරගනී

(උදයම්,සෝමාලියාව)  –  ශ්‍රී ලාංකික නැවියන් පිරිසක් සමග නෞකාවක් සෝමාලියානු උතුරු මුහුදේදී මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ඇති බව සෝමාලියානු නිලධාරීහු පවසති.

වසර තුනකට පසු මෙවැනි  විශාල වාණිජ යාත්‍රාවක් පහර ගත පළමු අවස්තාව මෙය බවද වාර්තාවේ.

වෙළඳ භාණ්ඩ රැගත් ශ්‍රී ලංකා ධජය සහිත නෞකාවක් පහර ගෙන ඇති අතට එහි සේවකයින් 8 දෙනෙක් පමණ සිටි බව සෝමාලියානු බලධාරීන් පවසා ඇත.

මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව වාර්තා වෙයි.

කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන්ට පත්ව තිබේ.

එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.

නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කරයි

Related posts

Lotus Road closed temporarily

Mohamed Dilsad

அதிக காற்று காரணமாக நாட்டின் சில பிரதேசங்களுக்கு மின் தடை

Mohamed Dilsad

NARA studies Norochcholai plant hot water effect to the ocean

Mohamed Dilsad

Leave a Comment