ප්‍රමුඛ පුවත 1

ආහාර අලෙවි කළ තලවිල වෙළඳුන් 52කට නඩු

(උදයම්,පුත්තලම) –  තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය නිමිත්තෙන් ඒ අවට පවත්වා ගෙන ගිය ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කරයි.

සතියක පමණ කාලයක් පුරා සිදු කරන ලද මෙම මෙහෙයුමේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ ව්‍යාපාරිකයින් 52  කට නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

තලවිල පුජා භූමිය ආසන්නයේ ස්ථීරව පවත්වා ගන ගිය ව්‍යාපාරික ස්ථාන 49 කට කල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් අනතුරුව ඔවුන්ට රුපියල් 2,02,000 ක දඩ නියම කර තිබේ.

තලවිල පූජා භූමිය තුළ තාවකාලිකව පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කර ඉන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළවි කළ ව්‍යාපාරිකයින් 08 දෙනෙකුට තලවිල සංචාරක අධිකරණයේ නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

එහි දී ව්‍යාපාරිකයින් 05 දෙනෙකුට රුපියල් 27,500 ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර ඇති අතර අධිකරණයට නොපැමිණි ව්‍යාපාරිකයින් 03 කුට වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තාවේ.

මීට අමතරව මිනිස් පරිබෝජනයට නුසුදුසු ආහාර අළවි කළ ව්‍යාපාරිකයින් රැසකට අවවාද කර ඇති මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් එම ව්‍යාපාරික ස්ථාන වල තිබූ ආහාර ද්‍රව්‍යය රැසක් විනාශ කර දමා ඇත.

හෝටල්,ආපන ශාලා,සිල්ලර අළවිසැල්,පලතුරු අළවිසැල්,රසකැවිලි අළවිසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන රැසක් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබේ.

තලවිල පූජා භූමියට පැමිණෙන බැතිමතුන්ට පිරිසිදු ආහාර මිළදී ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් මෙම වැටළීම් සිදු කර ඇත.

 

Related posts

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි

Mohamed Dilsad

තිලංගට ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන් තහනම් කරමින් නියෝගයක්

Mohamed Dilsad

සජිත්ව ජයග්‍රහණය කරවන බවට රනිල්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment