Trending Newsඑසැන පුවත්දේශීය

ගජමුතු තොගයක් අළෙවි කකරද්දී අත්අඩංගුවට : වටිනාකම රුපියල් කෝටි 30ක්

මහියංගනය, දඹාන ප්‍රදේශයේ දී රුපියල් කෝටි 30කට අධික වටිනාකමකින් යුත් ගජමුතු තොගයක් සමග සැකකරුවකු වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ලැබී ඇති බුද්ධි තොරතුරක් මත මාස ගණනාවක් පුරාවට සිදුකළ විමර්ශනයකින් අනතුරුව සිදුකළ මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව මෙරටදී එකම ස්ථානයකින් සොයාගන්නා ලද විශාලතම ගජ මුතු තොගය බවද වනජීවි නිලධාරීන් සඳහන් කරයි.

ගජමුතු 30ක්, දිවියෙකුගේ සමක කොටස්, ඇත් දළයක කොටස්, දිවියකුගේ තෙල්, කරුවල ශාක කොටස්, මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, සතුන් ඇල්ලීමට යොදා ගන්නා මදු, සහ වනජීවි වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතින් දැඩි ආරක්ෂිත ශාකයක් වන දඹ ශාකවල කොටස්ද එහිදී නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඇත් දළ උපයෝගී කර ගනිමින් විවිධ නිර්මාණ සකසමින් කලක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

Related posts

IPL ஏலத்தில் தேர்ந்தெடுக்கப்பட்ட வீரர்கள்; இசுறு உதானவை வாங்கிய அணி எது?

Mohamed Dilsad

Bone marrow transplants for children within 3 months

Mohamed Dilsad

24 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment