Trending Newsඑසැන පුවත්දේශීය

විසඳුම් ලිඛිතව ලැබෙන තෙක් අකුරට වැඩ කරන බව ලංවීම වෘත්තීය සමිති කියයි.

සිය ඉල්ලීම් වලට විසඳුම් ලිඛිතව ලැබෙන තෙක් දැනට දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙනයනන බව විදුලි වෘත්තීය සමිති නායකයෝ පවසති.

විෂය භාර ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙනබවට එකඟතාවය පළ කර ඇතත් එම එකඟතාවයේ ලිඛිතව අවශ්‍ය බව වෘත්තිය සමිති පවසයි.

ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් විදුලි වෘත්තිය සමිති ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් ලබාදීමට බලධාරීන් වාචිකව එකඟ වී ඇති බවය.

ඒ අනුව ඊට අදාළ ලිඛිත එකඟතා ලැබීමෙන් පසු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවත් යම්හෙයකින් පොරොන්දු කඩ කළහොත් වැඩ වර්ජනයක් දක්වා වූ දැඩි ක්‍රියාමාර්ග වෙත යොමුවනන බව එම වෘත්තිය සමිති නායකයෝ වැඩිදුරටත් සඳහන් කළහ

Related posts

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට

Editor O

‘குடுசுத்தி’ என்ற பெண் மீண்டும் கைது…

Mohamed Dilsad

Two State Ministers sworn-in

Mohamed Dilsad

Leave a Comment