Trending Newsඑසැන පුවත්දේශීය

සජිත්ගේ නායකත්වයෙන් සජබ සහ එජාපය දේශපාලන ගමනක

තම පක්ෂයේ නායකත්වය සහ මෙහෙයවීම යටතේ, එක්සත් ජාතික පක්ෂය සමග පොදු දේශපාලන වැඩපිළිවෙළකට ප්‍රවේශවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙම තීරණය (09) වනදා පැවැති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතිකව අනුමත වූ බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස , රටටත් ජනතාවටත් බලපාන කරුණු කාරණා සහ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය. ඒ අනුව, ප්‍රායෝගික හා ජනතාවාදී ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත පදනම්ව, පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් ඉදිරියට කටයුතු කරන බව ඔහු පැවසීය.

Related posts

வெற்றிக்கிண்ணத்தை சுவீகரித்த வேலணை ஐயனார் விளையாட்டுக் கழகம்

Mohamed Dilsad

Southern Expressway Speed Limit Reduced Due to Adverse Weather

Mohamed Dilsad

President launches ‘Parisaraya Pujaniyai’ program

Mohamed Dilsad

Leave a Comment