Trending Newsඑසැන පුවත්දේශීය

ආනන්ද විජේපාල අඩියක් පස්සට ගනී : හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට ආරක්ෂාව අදාළ නොවන බව කියයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය..

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Related posts

දයාසිරිගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Three faculties of Kelaniya Uni. to reopen

Mohamed Dilsad

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

Mohamed Dilsad

Leave a Comment