Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තර්ජනයක් : පොලිස්පතිට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සපයා තිබූ පහසුකම් ඉවත් කිරීමත් සමග ඔහුගේ ආරක්‍ෂාව අනතුරට ලක්ව ඇති බවට ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත.

ඒ අනුව හෙට දිනය තුළ ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලිස් ප්‍රධානීන් වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ වෙඩි නොවදිනවා වාහනයත් ඔහුගේ ආරක්ෂක නිලධාරීන්ට ලබා දී තිබූ අනෙකුත් සියලු වාහනත් මේ වන විට රජය ආපසු ලබාගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ තත්ත්වය මත විධිමත් ආරක්ෂාවක් නොමැති වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා දැඩි ජීවිත අවදානමකට මුහුණපා සිටින බව හිටපු ඇමතිවරයා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පවතින රජයේ වගකීමක් වුවද එය හිතා මතා පැහැර හැර ඇති බව පෙනෙන්නට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

ආරක්ෂක නිලධාරීන් ලබා දී ඇතත් ඔවුන්ට ගමන් කිරීම සඳහා කිසිදු වාහනයක් නැති බව පවසන හිටපු ඇමතිවරයා මෙලෙස ආරක්ෂාවට තිබූ පහසුකම් ඉවත් කිරීම දේශපාලන පළිගැනීමක් බව පෙන්වා දෙයි.

හිටපු ජනාධිපතිවරයාට ලබා දී ඇති අනෙකුත් පහසුකම් අඩුකලද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව සපයා තිබූ පහසුකම් අඩු කිරීමට රජයට අයිතියක් නැති බවත් මෙම අත්තනෝමතික තීරණයට එරෙහිව ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

16ம் திகதி வரை விளக்கமறியலில்-அர்ஜுன் அலோசியஸ் மற்றும் கசுன் பலிசேன

Mohamed Dilsad

Navy recovers a hoard of 110kg Cannabis

Mohamed Dilsad

இலங்கை கிரிக்கெட் அணி அடுத்த வருடம் அவுஸ்திரேலியாவுக்கு பயணம்

Mohamed Dilsad

Leave a Comment