Trending Newsඑසැන පුවත්දේශීය

පාසල් වසා දැමීම සඳහා නිර්ණායක නිකුත් කරයි

ශිෂ්‍ය සංඛ්‍යාව ඉතාමත් අඩු පාසල් තාවකාලිකව වසා දැමීමට සලකා බැලිය හැකි නිර්ණායක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.

ශ්‍රේණියක සිසුන් සංඛ්‍යාව දහයට අඩු හෝ පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව පනහට අඩු පාසලක් වීම හා පාසල පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් පහක දුරකින් යුත් ප්‍රදේශයේ වසා දැමීමට සලකා බලන පාසල් වර්ගයට සමාන හෝ උසස් පාසලක් පිහිටා තිබීම එම නිර්ණායක වෙයි.

කිසිදු ශිෂ්‍යයකුගේ පාසල් අධ්‍යාපනයට බාධා නොවන පරිදි වසා දැමීමට යෝජිත පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් ඔවුන්ට පහසුවෙන් ළඟා විය හැකි සුදුසු පාසලකට ඇතුළත් කළ යුතු බව අමාත්‍යාංශය නිකුත් කර ඇති පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍ර ලේඛය සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් වෙයි.

මෙම නිර්ණායක අනුව පාසලක් තාවකාලිකව වසා දැමීමට පළාත් ව්‍යුහ කමිටුවට හෝ අධ්‍යාපන අමාත්‍යාංශයීය ව්‍යුහ කමිටුවට සලකා බැලිය හැකි බව ද එහි සඳහන්ව ඇත.

මෙම උපදෙස් නිකුත් කර ඇත්තේ සියලු පාසල් විචාරවත් කිරීමේ වැඩසටහන යටතේය.

පදිංචි ස්ථානයට ආසන්නයේ සියලු පහසුකම් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිය හැකි පාසලක් සෑම ශිෂ්‍යයකුටම ලබා දීම පාසල් විචාරවත් කිරීමේ අරමුණ වෙයි. වසර තුනකට වරක් පළාතේ පාසල් විචාරවත් කිරීම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සිදු කරනු ලැබිය යුතු යැයි ද එහි සඳහන්ව තිබේ.

(අරුණ)

Related posts

அமெரிக்காவில் கடும் பனிப்புயல் ஆயிரத்துக்கும் மேற்பட்ட விமானங்கள் இரத்து

Mohamed Dilsad

උමාඇළේ පේරවැල්ල අමුණ පිළිසකර කර, ඇමති සමන්ත⁣ පැන් පුදා මංගල දියවර මුදාහරී

Editor O

Bangladesh Standard Chartered Bank raises US$ 20 million to finance Sri Lanka power company

Mohamed Dilsad

Leave a Comment