Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

දෙහි කිලෝව රුපියල් 2000යි

දෙහි කිලෝවක තොග මිල රුපියල් 2,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ පෙරේදා (04 වැනිදා) දිනයේ දෙහි කිලෝවක තොග මිල ලෙස වාර්තා වූයේ රුපියල් 2,000 කි.

මේ අතර,දිවයිනේ සුපිරි වෙළෙඳ සල් රැසක දෙහි කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 1,950 ත් 2,000 ත් අතර මිලකටය.

මේ දිනවල දෙහි අස්වැන්න විශාල ලෙස අඩුවීම නිසා දෙහි මිල ඉහළ ගොස් ඇතැයි එළවළු වෙළෙන්දෝ කියා සිටිති.

දෙහි මිල ඉහළ යත්ම දෙහි ගස්වල තිබෙන පැඟිරි අඩු,ගැට තත්ත්වයේ ගෙඩි පවා කඩා ඇතැමුන් අලෙවි කරන බවද වෙළෙන්දෝ පවසති.

Related posts

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් වසා දමන්නැයි නියෝගයක්

Mohamed Dilsad

වතු ජනතාවගේ ගැටළුවලට විසඳුම් දීමට සැබෑ වුවමනාවක් තිබෙන්නේ ලංකා කම්කරු කොංග්‍රසයට පමණයි. – පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්

Editor O

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි

Editor O

Leave a Comment