Trending Newsඑසැන පුවත්දේශීය

දෙහිවල සත්තු වත්තේ නඩු භාණ්ඩ සොරකමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙම සොරකම සිදුව ඇත්තේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දැමීමෙනි. සිද්ධිය පිළිබඳව සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් පෙරේදා (04) දහවල් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

සොරකම් කර තිබෙන්නේ, මෑතකදී සත්වෝද්‍යානයට බාර දුන් පරෙවියන් ය.

පොලිස් වාර්තා අනුව, මේ පරෙවියන් මුලින්ම නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබියදී පසුගිය ජූලි මාසයේදී පොලිසිය බාරවට ගෙන ඇත.

පසුව, මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව අගෝස්තු 2 වන දින නඩු භාණ්ඩ ලෙස මෙම පරෙවියන් තොගය දෙහිවල සත්වෝද්‍යානයට ලැබී ඇත.

මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව හෝ කිසිවක් හෙළි වී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට කැඳවීමක්

Mohamed Dilsad

Gotabhaya Rajapaksa’s overseas travel ban lifted (Update) 

Mohamed Dilsad

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Leave a Comment