Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම ඉංජිනේරු සංගමය ආණ්ඩුවට රතු එළි පෙන්වයි…!.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (06) සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේ ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් සමඟ සිදුකරන වැඩකටයුතු හෙට දිනයේ සිට නතර කරන බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සදහන් කළේය.

මේ අතර යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය ගෙන යන වැඩපිළිවෙලට විරෝධය පළ කරන බව විදුලිය පාවිච්චිකරන්නගේ සංගමය පවසයි.

එහි සභාපති එම්.ඩී ආර් අතුල මහතා කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළේය.

කිසිසේත් මේ අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද ලංකා විදුලි බල මණ්ඩල නව සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසුවේය.

එමෙන්ම විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කළහොත් එය ඉදිකිරීම් ක්ෂේත්‍රයට බරපතළ ගැටලුවක් සිදුවිය හැකි බව ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා පෙන්වා දුන්නේය.

Related posts

Interim Report on Parliament unrest to AG via Speaker

Mohamed Dilsad

US weighs military response over Syria

Mohamed Dilsad

මහ බැංකුවේ යෝජිත පනත ට එරෙහි පෙත්සම් විභාගයට

Mohamed Dilsad

Leave a Comment