Trending Newsඑසැන පුවත්දේශීය

කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්” – විමල් වීරවංශ

“කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්” බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලකරයි.

ඔහු මේ චෝදනාව එල්ලකරනු ලැබුවේ අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ තංගල්ල සීනිමෝදර වෙරළට අයිස් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ධීවර යාත්‍රාව හිමිකරු බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්වීම අමතා කෑම කන්න ගිය ගෙදර, හිමිකරුවා වන සනත් වීරසිංහ හෙවත්, පුවක් දණ්ඩාවේ සනා නැමැත්තා නිසා යැයි ඔහු අවධාරණය කරයි.

සනත් වීරසිංහ හෙවත්, පුවක් දණ්ඩාවේ සනා පැහැදිළිවම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බවද වීරවංශ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස ද කලක් කටයුතු කළ විමල් වීරවංශ මහතා කියා සිටින්නේ සනා ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට යොදාගත් වෑන් රියද සම්පාදනය කළ පුද්ගලයා බවයි

https://www.facebook.com/watch/?v=818282344071090

Related posts

ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් පිටියට සමු දෙයි

Mohamed Dilsad

கர்ப்பிணி தாய்மார் அல்லது பிரசவத்துக்கு பின்னர் தாய்மாருக்கு காய்ச்சல் – உடனடியாக வைத்தியசாலையில் அனுமதிக்க அறிவுறுத்தல்

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

Leave a Comment