“කුඩු ගේන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්, කුඩු අල්ලන්නෙත් රාජ්‍ය අනුග්‍රහයෙන්” බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලකරයි.
ඔහු මේ චෝදනාව එල්ලකරනු ලැබුවේ අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ තංගල්ල සීනිමෝදර වෙරළට අයිස් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල ධීවර යාත්‍රාව හිමිකරු බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේ අවසන් රැස්වීම අමතා කෑම කන්න ගිය ගෙදර, හිමිකරුවා වන සනත් වීරසිංහ හෙවත්, පුවක් දණ්ඩාවේ සනා නැමැත්තා නිසා යැයි ඔහු අවධාරණය කරයි.
සනත් වීරසිංහ හෙවත්, පුවක් දණ්ඩාවේ සනා පැහැදිළිවම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බවද වීරවංශ මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ලෙස ද කලක් කටයුතු කළ විමල් වීරවංශ මහතා කියා සිටින්නේ සනා ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට යොදාගත් වෑන් රියද සම්පාදනය කළ පුද්ගලයා බවයි
