Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිිියාට ඇප නැහැ

අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (2) නියම කළේය.

අල්ලස් කොමිෂමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හෙතෙම අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

රඹුක්කන සිද්ධිය ගැන විමර්ශණයට පොලිස් නිළධාරීන් 20ක විශේෂ කණ්ඩායමක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණොත් 14 වෙනිදායින් පසු කළ යුතු දේ.

Editor O

Rohitha Rajapaksa ties the knot

Mohamed Dilsad

Leave a Comment