Trending Newsඑසැන පුවත්දේශීය

අරමුදල් හිඟයකින් ඇමරිකාවේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දමයි

අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (government shutdown) අද (01) දින වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙසට මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකානු සෙනෙට් සභාවේදී අවශ්‍ය අරමුදල් ලබා දීමේ කෙටි කාලීන පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

එසේම රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ අතර අරමුදල් සම්පාදන ගනුදෙනුවක් පිළිබඳව පවතින විරුද්ධ ස්ථාවරයන් වෙනස් කර ගැනීමට නොහැකි වීම මෙම තත්ත්වයට බලපෑ ප්‍රධාන හේතුව බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

කෙසේ වෙතත් 2018 දෙසැම්බර් මාසයේ ආරම්භ වී ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ නව වසර දක්වා දීර්ඝ කරන ලද දින 35 ක වසා දැමීමෙන් අනතුරුව මෙම වසා දැමීම පළමු අවස්ථාව ලෙස දක්වයි. 

Related posts

අමෙරිකාව, ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට

Editor O

කොළඹ ස්ථාන රැසක ජල සැපයුම අත්හිටුවයි

Editor O

Parliamentary session commenced a short while ago

Mohamed Dilsad

Leave a Comment