Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකාවට නොබෙල් ත්‍යාගය ලැබුණ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති කියයි

ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්‍ෂ හැත්තෑ පන්දහසක වැනි මිලකට අලෙවි වූ බවද හෙතෙම කියා සිටී.

එය ගිනස් වාර්තාවක් බවද ඒ මහතා සඳහන් කළේය.

අදටත් ශ්‍රී ලංකාවේ තේ වලදීම් තියෙන ගුණාත්මක භාවය පවතින බවද ඔහු සඳහන් කළේය.

එනිසා ඉල්ලුමට සරිලන සරිලන ගුණාත්මක තේ නිෂ්පාදනයක් සැපයීම අභියෝගයක් ලෙස භාර ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

කොළඹදී පැවති වැඩසටහනකට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

සංස්කාරක සටහන : ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු මින් පෙර අවස්ථා කිහිපයකදී නොබෙල් ත්‍යාගය සඳහා යෝජනා වී තිබුණද කිසිදු අවස්ථාවක එය දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ ද නැත.

Related posts

Priyanka Chopra will appear on an upcoming “Live With Kelly”

Mohamed Dilsad

Congo President Joseph Kabila will not seek election for third term

Mohamed Dilsad

ஹிஜ்ரி 1439 ஷவ்வால் மாத தலை பிறையை தீர்மானிக்கும் மாநாடு இன்று

Mohamed Dilsad

Leave a Comment