Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් ජනාධිපති ධුරය දැරූ වසර දෙකහමාරක කාලයේදී, පනත් 90 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා – එජාප සභාපති වජිර අබේවර්ධන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වසර දෙක හමාරක පාලන කාලය තුළ රටේ දූෂණය නැතිකර ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පනත් 90 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා රට අර්බුද ගණනාවකට තල්ලුවෙමින් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ විපක්ෂයේ සියලු බලවේග එකට එක් කර ගෙන ඉදිරියට යෑමේ පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බවත් සභාපතිවරයා පැවසීය.

ගාල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී ඊයේ (28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළ වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

වර්තමාන දේශපාලන යාන්ත්‍රණය ඉතාමත් කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. අපි ලෝකයේ පැරණිම ශිෂ්ඨාචාරයක් තිබෙන ජාතියක්. අපි ලෝකයේ පැරණිම ඉතිහාසයක් තිබෙන ජාතියක්. ඒ වගේම ලෝකයේ උතුම්ම දහම වන බුදුදහම අපේ රට තුළ ජන ගත වී තිබෙනවා. මේ බෞද්ධ දර්ශනය ඔස්සේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව බොහොම පරිස්සමින් ඉදිරියට ගෙනා යා යුතුව තිබෙනවා.

ඒ නිසා තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැනක් දී තිබෙන්නේ. ඉරිදා බෞද්ධ දහම් පාසල් ඒ වගේම වෙනත් ආගම් අදහන අය වෙනුවෙන් පැවැත්වෙන දහම් පාසැල් හරහා අනාගත පරපුරට මේ ගැන අවබෝධයක් ලබාදෙමින් මේ රට සුරක්ෂිත කරලයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා ලෝකයේ අලුත් නීතී රීති අපිට අවශ්‍ය නැහැ. අපි ලෝකයට නීතී රීති හඳුන්වලා දුන්න බෞද්ධ දර්ශනය හරහා ඉදිරියට යන රටක්. මේ බෞද්ධ දර්ශනය අපි ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා හානිවන යම් ක්‍රියාමාර්ග තිබේනම් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව පරාජය කළ යුතුයි.

ඒ වගේම මම දැක්කා අද මාධ්‍ය හරහා වත්කම් බැරකම් පිළිබද සොයා බලනවා කියලා ප්‍රවෘත්තියක් පළ වෙනවා. එහි මගේ නමත සඳහන් වුණා. මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා. බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා.

Related posts

Rathana Thero says he resigned from President’s Senior Advisor position

Mohamed Dilsad

Two arrested with 2.21kg of ‘Ice’ remanded

Mohamed Dilsad

வாக்காளர் இடாப்பு மீளாய்வு நடவடிக்கைகள் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment