Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජපාන තේ වෙන්දේසියේදී ශ්‍රී ලංකා⁣ තේ සඳහා වාර්තාගත ඉහළ මිලක්

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘සිලෝන් විශේෂ වතු තේ’ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසිය(Charity Auction), 2025 සැප්තැම්බර් 26 වන දින ජපානයේ ඔසාකා හිදි පැවැත්විණි.

මෙය ශ්‍රී ලංකාව ඔසාකා ලෝක ප්‍රදර්ශනයට (World Expo Osaka) සහභාගීවිමට සමගාමීව සිදු කරන ලදි.

2025 සිලෝන් විශේෂ වතු තේ තරගයේ ජයග්‍රාහී තේ වර්ග 27 ක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර, දිවයිනේ ප්‍රධාන තේ වගා කලාප හතම (07) නියෝජනය වන පරිදි එම තේ තොග වෙන්දේසි කරන ලදී.

ජපන් තේ ගැනුම්කරුවන් 60 දෙනෙකුට අධික පිරිසක් මෙම වෙන්දේසියට සහභාගී වූ අතර, තරගයේ ජයග්‍රාහී තේ මිලදී ගැනීමට ඔවුහු දැඩි උනන්දුවක් දැක්වූ අතර ගැනුම්කරුවන්ට, වෙන්දේසි කරන ලද සියලුම තේ වර්ගවල තත්ත්වය පරීක්ෂා කිරීමටත්, රස බැලීමටත් අවස්ථාව ලැබිණි.

මෙහිදී, සබරගමුව කලාපයේ රන් සම්මානය දිනාගත්, නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp) මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාවට නිල වශයෙන් ඇතුළත් වී ඇත එක්වෙමින්, කිලෝවක් සඳහා ජපන් යෙන් 125,000/- ක් (ඇමරිකානු ඩොලර් 860/- ක්) වැනි අතිවිශේෂ මිලකට අලෙවි විය.

මෙම වාර්තාගත මිලට තේ තොගය මිලදී ගනු ලැබුවේ ජාත්‍යන්තර සමාගමක් වන M/s. Jannet International විසිනි. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජපාන තේ සංගමය විසින් ඉතා වටිනා සහයෝගයක් ලබා දී තිබුණි

Related posts

தொடர் நிறைவடையும்வரை அவகாசம் வழங்குமாறு இலங்கை கிரிக்கெட் சபை கோரிக்கை

Mohamed Dilsad

AG orders to complete investigations on 4 cases including Lasantha and Wasim

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment