Trending Newsඑසැන පුවත්දේශීය

මිද්දෙණියේ දී සොයාගත් බහාලුම් දෙක, ජනවාරි මාසයේ රේගුවෙන් නිදහස් කරලා – ඇමති ආනන්ද විජේපාල

මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය වළදමා තිබී මිද්දෙනියේදී ගොඩගන්නා ලද රසායන ද‍්‍රව්‍ය ගෙන එන ලද කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බව මහජන ආරක්ෂ ඇමති ආනන්ද විජේපාල මහතා පවසයි

මේ සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් මෙරටට ලබා දී තිබූ බවද ඒ මහතා කියා සිටියි.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ මෙම බහාලුම්වල ඇති රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් සම්බන්ධයෙන් අනාවරණය වීමක් සිදු නොවූ බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව රේගුව විසින් ජනවාරි මස මෙම බහලුම් දෙක නිදහස් කර ඇති බවත් සඳහන් කළේය.

ස්වර්ණවාහිනි නාලිකාවේදී පැවැති වැඩසටහනකදී ඔහු පැවසුවේ දෙවන අවස්ථාවේ මෙහිදී සිදු කරන ලද පරීක්‍ෂණවලට වලදී ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අන්තර්ගත බව හෙළි වූ බවයි.

ඒ අනුව මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණ දෝෂයක් දැයි වෙනත් හේතුවක් දැයි පරීක්ෂණ කරමින් සිටින බවද කියා සිටියේය.

Related posts

கிழக்கின் தொண்டராசிரியர்களுக்கான தீர்வு துரிதப்படுத்தப்பட வேண்டும் – பிரதமரிடம் கிழக்கு முதல்வர் கோரிக்கை

Mohamed Dilsad

நாணய சுழற்சியில் தென்னாபிரிக்கா வெற்றி

Mohamed Dilsad

අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්

Mohamed Dilsad

Leave a Comment