Trending Newsඑසැන පුවත්දේශීය

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ දී අද ඇරඹේ….

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධාන කරනු ලබන 2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (27) ආරම්භ වේ.

සැප්තැම්බර් මස (27) දින සිට එනම් අද සිට ඔක්තෝබර් මස (06) වන දින දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

විදේශීය ප්‍රකාශන කුටි ඇතුළුව ප්‍රදර්ශන කුටි 500 ක පමණ ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විතය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ වන්නේ 1985 වසරේදීය. එහි ආරම්භක සභාපතිවරයා වූයේ ප්‍රවීණ ලේඛක ආචාර්ය කේ. ජයතිලක මහතාය. 1985 පොත් ප්‍රකාශකයන් 27 දෙනකුගේ සංඛ්‍යාවකින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේ වනවිට සාමාජිකයන් 150කට වැඩි සාමාජික සංඛ්‍යාවකගෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා පිළිගැනීමට ලක්ව තිබෙන සංගමයකි.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආසියා ශාන්තිකර ප්‍රකාශකයන්ගේ සංගමයේ සහ ජාත්‍යන්තර ප්‍රකාශකයන්ගේ සංගමයේ ද සාමාජිකයෙකි. සංගමය පොත් ප්‍රදර්ශන ක්‍රියාවලියට අවතීර්ණ වූයේ 1999 වසරේදීය. ජාතික පොත් ප්‍රදර්ශනය වශයෙන් නම් කළ ප්‍රදර්ශනය දින 4කට සීමා විය. එය පැවැත්වුණේ ජාතික කලාභවනේය.

විද්‍යුත් මාධ්‍ය ආගමනයත් සමගම පොතපතින් ඈත් වූ පාඨක ප්‍රජාව යළි පොතපත වෙත ළං කරලීමේ අරමුණින් යුතුව ආරම්භ කළ පොත් ප්‍රදර්ශන ක්‍රියාවලිය අතිශයින්ම සාර්ථක විය.

Related posts

Showers or thundershowers expected today

Mohamed Dilsad

Maldivian Foreign Minister visits Sri Lanka

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිිියාට ඇප නැහැ

Editor O

Leave a Comment