Trending Newsඑසැන පුවත්දේශීය

අශෝක් පතිරගේ මහතා ඇතුළු පිරිස අධිකරණයට පැමිණේ

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණු කෝටිපති ව්‍යාපාරික අශෝක් පතිරගේ ඇතුළු ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ වනවිට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ, තමන්ට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටීම සඳහා ය.

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග කෙරෙන නඩුවක් සඳහා අධිකරණයට පැමිණෙන ලෙස සිතාසි නිකුත් කර තිබියදී ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔවුන්ව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඊයේ (25) දිනයේදී වරෙන්තු නිකුත් කර තිබිණි.

Related posts

මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

බස්නාහිරට පැනවූ ඇඳිරි නීතිය ගැන තීරණය අද

Mohamed Dilsad

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කරයි

Editor O

Leave a Comment