දේශීය

මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි

(UTV | කොළඹ) – දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා ප්‍ර‍වේශ පත්‍ර පරීක්ෂකයින්ට ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ පැවසු‍වේය.

ඒ අනුව කෙටි ගමන් සේවා දුම්රිය අහඹු ලෙස පරීක්ෂා කිරීමට නියමිත අතර
දුර ගමන් සේවා දුම්රියවලට දුම්රිය ආරක්ෂක නිලධාරීන් ‍යොදවා ඇති බව ද ඔහු පැවසුවේය.

මෑත කාලයේ දුම්රිය මගින්ගේ මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධි රැසක් වර්තා වීමත් සමග නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

තවද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන හෙට(13) සිට වෙනස් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම වෙනස් කිරීමට අනුව මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය හෙට සිට මිනිත්තු 10 ක් කලින් ධාවනය කරන බව ද ඔහු පැවසීය.

Related posts

සවස් යාමයේ තද වැසි සමග සුළං

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කරන දින ප්‍රකාශයට පත් කරයි

Editor O

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,142ක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment