Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි

කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමුකර තිබේ.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමට පෙර තමන්ට අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස ඉල්ලමිනි.

අංක 58531/01/2025 දරණ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම අද (26) පස්වරුවේ සලකා බැලීමට නියමිතව ඇති අතර ජනාධිපති නීතීඥ සාලිය පීරිස්, ජ්‍යේෂ්ඨ නීතීඥ ගුණරත්න වන්නිනායක, නීතීඥ සංජීව ඇන්තනි ඇතුළු නීතීඥ මඬුල්ලක් මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) දිනයේදී අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස මනුෂ නානායක්කාර මහතාට පෙරේදා (24) රාත්‍රියේ එම කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් දැනුම් දී තිබිණි.

Related posts

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තීරණාත්මක දේශපාලන තීන්දුවකට එළඹීමට සූදානමින්…!

Editor O

பிரெஞ்ச் ஓபன் டென்னிஸ் தொடரில் 12-வது முறையாக தொடர் வெற்றி

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment