Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් කෝටිපතියන් රැසක් රටට එළිදරව් වෙලා – නාමල් රාජපක්ෂ

රටේ ජනතාව කෙසේ වෙතත් ආණ්ඩුවේ එකසිය පනස් නව දෙනා නම් පොහොසත් වුණු ආකාරය වත්කම් බැරකම් ප්‍රකාශ වලින් හොදින්ම දුටු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හැත්තෑ අවුරුදු ශාපයක් තුළ කෝටිපතියන් වූයේ කෙසේදැයි ප්‍රශ්නයක් බවද ඔහු සඳහන් කළේය.

අවුරුදු 76 දී කෝටිපතියන් නොවුනානම් පහුගිය අවුරුදු කිහිපයේදී කෝටිපතියන් වූයේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ මන්ත්‍රීවරයා ඒ ප්‍රශ්නයටත් එක එක අය එක එක විදිහට පිළිතුරු ලබාදී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

ධීවර කර්මාන්තය රබර් කර්මාන්තය බිඳ වැටී ඇති බවත් විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට අද තියෙන ලොකුම වේදනාව රැවටුණු එක බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

බය කරලා දේශපාලනය කරපු කාලය ඉවරයි යැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ධීවර කර්මාන්තය සියයට 34%කින් වැටී ඇතැයිද මෙහෙම ගියොත් පිටින් මාළු ගෙනවිත් කන්න සිදුවන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය

Related posts

Sri Lanka, China to co-build dendro power plant

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ගේ උපවාසය අවසන්

Mohamed Dilsad

நாளை ‘புளு மூன்’ , ‘பிளட் மூன்’ மற்றும் ‘சூப்பர் மூன்’- 150 ஆண்டுகளுக்கு பிறகு அரிய நிகழ்வு

Mohamed Dilsad

Leave a Comment