Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුවේ මැති-ඇමති වත්කම් ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශන…?

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම පනතට අදාළව ලැබෙන සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම කොමිෂන් සභාව විමර්ශනය කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ දේපළ තොරතුරු වඩාත් පැහැදිලිව දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ අල්ලස් කොමිෂන් සභාවෙන් විශාල පිරිසක් ඉල්ලීම් කර ඇති බවද සඳහන් වේ.

තවද, විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමින් ඉදිරි දිනවලදී තවත් පැමිණිලි රැසක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

Related posts

කොරෝනා රෝගීන් ගණන යළිත් ඉහළට

Mohamed Dilsad

බද්දේගම රෝහලේ ගිලන්රථ රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට විරෝධය පළ කර දකුණු පළාතේ ගිලන්රථ රියදුරෝ වැඩ වර්ජනයක

Editor O

புகையிரத மலசலகூடத்தில் குடும்பஸ்தரின் சடலம்

Mohamed Dilsad

Leave a Comment