Trending Newsඑසැන පුවත්දේශීය

කලු සල්ලි සුදු කරන්නේ පැලවත්තෙන් – දිලිත් ජයවීර

“මාලිමාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළේ දූෂිතයින් ඉන්නවා පමණක් නෙවෙයි, ඒ ව්‍යාපාරය හදලා තියෙන්නෙම දූෂණය සඳහා. ඔය පක්ෂ අරමුදල කියන යාන්ත්‍රණය ලංකාවේ ලොකුම මුදල් විශුද්ධිකරණ යාන්ත්‍රණය. ඒක පැලවත්තේ පිහිටලා තියෙන්නෙ. ඒක තුළින් තමයි සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය වෙන්නේ කියලා වගකීමෙන් ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) යාපහුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

.සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය පැලවත්තෙන් ඒක තුළින් තමයි සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය වෙන්නේ. ඒක වැරදියි නම් කියන්න මෙන්න අරමුදල, මෙච්චර තියෙනවා, මෙහෙමයි ලැබුණේ, ඒකට මෙච්චර බදු ගෙව්වා කියලා. දැන් අපේ පක්ෂයේ අපිටත් සහෝදරවරු නැතිවුණාට අපෙ මිත්‍රයෝ අපිට උදව් කරනවා. හැබැයි අපි ඒවා අපේ ගිණුමට අරගෙන බදු ගෙවනවා. මොකද, බදු ගෙවන්නෙ නැතිව පක්ෂ අරමුදල් තියෙන්න බෑ. දැන් අපි විගණනයට ලක්කරලා, වරලත් ගණකාධිකාරීවරයෙකුගේ අත්සනින් යුතුව ඒක අපි යොමුකරලා තියෙනවා මැතිවරණ කොමිසමට. හැබැයි එහෙම නැතිව අඳුරේ තියෙන්න බෑ අරමුදල්.

මේක ඔබ පිළිගත්තෙ නැතිවුණාට ඊයෙ පෙරේදා අර වත්කම් ප්‍රකාශ ටික එළියට ආවාම ඔක්කොම බැලුවාම අපි මේ පොල්ගෙඩි ටික කඩලා දාලා තියෙන්නෙ හොඳ කෝටිපතියෙක්ගෙ කැබ් එකටනෙ කියලා. මට නෑ ෆික්ස්ඩ් ඩිපොසිට්. ස්ථාවර තැන්පතු මටත් නෑ. ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි, අපි මේ දේශපාලන වැඩවලට වියදම් කරනවානෙ. හැබැයි මේ ගම් මට්ටමේ මිනිස්සු ඔය දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කළේ අනේ අපේ නායකයො මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවාද කියලා. මමවත් හිතාගෙන හිටියෙ නෑ, අරමුදල හරහා වංචා සිද්ධවෙන බව යතාර්ථයක් වුණත් මේ අපි දන්න හඳුනන මේ පුද්ගලයෝ මිලියන 400 – 500 වත්කම් තියෙන අය කියලා.

ඔය වත්කම් කිව්වාම, මමත් ඉන්නෙ කෝට්ටෙ ප්‍රදේශයේ. මම පොඩි ඉඩම් කෑල්ලක් අර කෝවිඩ් කාලෙ ගත්තා මගෙ ඉඩමට යාබදව. ඒකෙ පර්ච් එකක් මිලියන 4ක් වුණා. දැන් ඒ කිට්ටුවම ඉන්න ඇමතිවරයෙක් කියලා තියෙනවා එයාගෙ ඉඩමේ වටිනාමක පර්ච් එක ලක්ෂ තුනයි කියලා වත්කම් ප්‍රකාශයේ. අන්න හිරේ යන ප්‍රකාශ. ඇයි ? දිවුරුමක් මත අත්සන් කරලා දීලා තියෙනවා මේ මං කියන්නෙ ඇත්ත කියලා. දැන් ඔය ඇත්තද ? නෑ … අන්න ඒකයි මම මේ කියන්නෙ, මේක ව්‍යාජයක්. මේක බොරුවක්. මේ රටට අවශ්‍යයි ඇත්තටම දූෂණයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරය තමයි සර්වජන බලය”

Related posts

இன்றைய வானிலை….

Mohamed Dilsad

ஜனாதிபதி மற்றும் பிரதமருக்கு இடையில் விசேட பேச்சுவார்த்தையொன்று ஆரம்பம்

Mohamed Dilsad

பிரதமர் மோடியின் பதவியேற்பு நிகழ்வுக்கு பிம்ஸ்டெக் நாட்டுத் தலைவர்களுக்கு அழைப்பு

Mohamed Dilsad

Leave a Comment