කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (21) උදෑසන මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කරන්දෙණිය, බොරකන්ද පදිංචි මහීල් රංගජීව මුණසිංහ (47) නැමැති අයයි.
කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ ව්‍යායාම සදහා අද (21) උදෑසන ඇවිදිමට ගොස් සිටියදි පෙ.ව 6.00 ට පමණ ඇද වැටීමක් හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මියගොස් තිබෙන බව ප්‍රදේශවාසීන් කියයි.
මියගිය සභාපතිවරයාගේ මෘත දේහය කරන්දෙණිය, බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබූ අතර අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඇල්පිටිය මූලික රෝහල වෙත රැගෙන ගිය බව බොරකන්ද රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
