Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඊයේ (18) සිට ඔක්තෝම්බර් 09 දින දක්වා මාර්ගගත ක්‍රමයට ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

සියලු ම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ම අදාළ උපදෙස් අනුව මාර්ගගත අයැදුම්පත්‍ර ඉරිදිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව පෞද්ගලික අයදුම්කරුවන් සා.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැදුනුම්පත භාවිත කළ යුතු ය.

ජාතික හැදුනුම්පත නොමැති පෞද්ගලික අයදුම්කරුවන් තම භාරකරුගේ (මව හෝ පියා) ජාතික හැදුනුම්පත භාවිත කර ලියාපදිංචි වී අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුව නිවැරදිව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව එම නිවේදනයේ දැක්වේ

Related posts

ஹிருனிகாவின் பாதுகாவலர்களுக்கு 2 வருட கடூழிய சிறைத்தண்டனை

Mohamed Dilsad

Vehicle movement in K. Cyril Perera Mawatha restricted

Mohamed Dilsad

SLC elections postponed

Mohamed Dilsad

Leave a Comment