Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

දුනිත්ගේ පියාගේ වියෝව ගැන මොහොමඩ් නබිගෙන් සංවේදී සටහනක්

දුනිත් වෙල්ලාලගේ, පියාගේ හදිසි අභාවය පිළිබඳ අඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී විසින් කණගාටුව පළ කර, විශේෂ සටහනක් යොදා තිබේ.

තම ආදරණීය පියාගේ වියෝව ගැන දුනිත් වෙල්ලාලගේ සහ ඔහුගේ පවුලේ අයට හෘදයාංගම ශෝකය පළකරනවා. ශක්තිමත්ව සිටින්න සහෝදරයා” යනුවෙන් එහි සටහන් කර තිබේ.

එම සටහන

එමෙන්ම බංග්ලාදේශ විස්සයි20 නායක ලිටන් දාස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ,  දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙන්නැයි තමන් දෙවියන්ගෙන් අයැද සිටින බවයි.

“දුනිත් වෙල්ලාලගේ, ඔබ ශක්තිමත්ව ඉන්න. 

ඔබේ පියා වන සුරංග වෙල්ලාලගේ වයස අවුරුදු 54 දී අභාවප්‍රාප්තවීම ඇසීම අතිශයින් කණගාටුයි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා ඔහුට සදාකාලික සාමය ලබා දී, මෙම අසීරු අවස්ථාවේදී දුනිත්ගේ පවුලට ශක්තිය ලබා දෙත්වා” යනුවෙන් දක්වා ඇත.

ඔවුන්ට අමතරව බංග්ලාදේශ ක්‍රීඩකයන් වන ටස්කින් අහ්මඩ්, තව්හිද් රිදෝයි ඇතුළු කිහිප දෙනෙකුම සිය ශෝකය පළකර තිබේ.

Related posts

VIP Assassination Plot: Namal Kumara arrives at CID [UPDATE]

Mohamed Dilsad

“සජිත් කියන්නේ කොන්දක් නැති කෙනෙක්”

Mohamed Dilsad

Navy finds 18.9 kg of Kerala cannabis

Mohamed Dilsad

Leave a Comment