Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍ය සටහනකට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් රිමාන්ඩ් කළ තරුණයා නිදොස් කර නිදහස් කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේ යැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටි 21 හැවිරිදි තරුණයා නිදොස් කොට නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය ඊයේ ( 16) නියෝග කළාය.

මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැර සිටි මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නැමැති මෙම තරුණයාට එරෙහිව නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලැබී ඇතැයි දෙහිවල පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම කරුණු සහ නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කළාය.

මාවනැල්ලේ පදිංචි මොහොමඩ් සුහායිල් පසුගිය වසරේ ඔක්තෝබර් 25 වන දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ, අරුණි රණසිංහ සහ ඉල්හාම් හසනලි පෙනී සිටියහ.

Related posts

කොරෝනා නිසා මෙරට සිරවී සිටි ඉන්දියානුවන් පිරිසක් අද පිටත් වේ

Mohamed Dilsad

சபாநாயகர் பாராளுமன்ற சம்பிரதாயங்களைப் பொருட்படுத்தாது ​செயற்பட்டுள்ளார்

Mohamed Dilsad

Marieke Vervoort: Paralympian ends life through euthanasia at age of 40 – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment