Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය කබීර් හෂීම් ට

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් මහතා තේරී පත්වී තිබේ.

ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන ලදී.

අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා පැවසුවේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවය.

එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා සිදු කළ කාර්යභාරය මෙහිදී අගය කළ අතර ඔහු කළ කාර්යභාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය. 

නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තවදුරටත් විධිමත් කරමින් පවත්වා ගෙන යමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Related posts

சுதந்திர கட்சி – பொதுஜன முன்னணிக்கு இடையிலான புரிந்துணர்வு ஒப்பந்தம் கைச்சாத்து

Mohamed Dilsad

නත්තල වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Mohamed Dilsad

“Sri Lankan politics an internal affair,” PNF tells UK Envoy

Mohamed Dilsad

Leave a Comment