Trending Newsඑසැන පුවත්දේශීය

සීමා නීර්ණය අවසන්වන තෙක් පළාත් සභා මැතිවරණය නැහැ.

සීමානීර්ණ වැඩ කටයුතු අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි..

ඒ අනුව ලබන වසර තුළදී නව සීමානීර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණය පවත්වන බව ටිල්වින් සිල්වා කීවේය. යාපනයේ ඊයේ ( 07 ) පැවති වැඩසටහනකට හෙතෙම ඒ බව කීවේය.

සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වන බව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ද ලිඛිත දැනුම් දී මක් කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දැමූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පැවති ආණ්ඩු වලට එම ආණ්ඩු හිතාමතා පළාත් සභා මැතිවරණය කල් දමන බවටයි.

කෙසේ නමුත් වත්මන් විපක්ෂය චෝදනා කරන්නේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති නිසා ඉතා සැලසුම් සහගතව ආණ්ඩුව එය කල්දැමීමට කටයුතු කර ඇති බවටයි.

Related posts

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 15 දෙනෙක් රෝහලේ

Mohamed Dilsad

අයිඑම්එෆ් අනුව, 2025 අවසන්වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 7.2ක් කළ යුතුයි තියෙන්නේ 6.1යි.

Editor O

பாராளுமன்றினை கலைப்பது தொடர்பிலான வர்த்தமானிக்கு எதிரான மனு மீதான விசாரணை நாளை(05) வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment