Trending Newsඑසැන පුවත්දේශීය

සීමා නීර්ණය අවසන්වන තෙක් පළාත් සභා මැතිවරණය නැහැ.

සීමානීර්ණ වැඩ කටයුතු අවසන් වන තෙක් පළාත් සභා මැතිවරණය නොපවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි..

ඒ අනුව ලබන වසර තුළදී නව සීමානීර්ණ කටයුතු අවසන් කර පළාත් සභා මැතිවරණය පවත්වන බව ටිල්වින් සිල්වා කීවේය. යාපනයේ ඊයේ ( 07 ) පැවති වැඩසටහනකට හෙතෙම ඒ බව කීවේය.

සීමා නිර්ණය ක්‍රියාවලිය අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය පවත්වන බව ශ්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත ද ලිඛිත දැනුම් දී මක් කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම කල් දැමූ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පැවති ආණ්ඩු වලට එම ආණ්ඩු හිතාමතා පළාත් සභා මැතිවරණය කල් දමන බවටයි.

කෙසේ නමුත් වත්මන් විපක්ෂය චෝදනා කරන්නේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට ආණ්ඩුවට ශක්තියක් නොමැති නිසා ඉතා සැලසුම් සහගතව ආණ්ඩුව එය කල්දැමීමට කටයුතු කර ඇති බවටයි.

Related posts

Special commodity levy on imported sugar increased

Mohamed Dilsad

රංජිත් මද්දුමබණ්ඩාරගේ පැමිණිල්ල අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Sri Lanka’s Envoy to Nepal holds talks with President Bidya

Mohamed Dilsad

Leave a Comment