Trending Newsඑසැන පුවත්දේශීය

එජාපයෙන් විශේෂ තීරණයක්…

මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යෑමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා පැවැත්වින..

එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය..

මේ අනුව සමගි ජන බලවේගය සමඟ විවෘතව වැඩ කිරීමට තීරණය කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.

Related posts

මැදපෙරදිග තත්ත්වය ගැන ශ්‍රී ලංකාව කනස්සල්ලෙන්

Editor O

ශ්‍රී ලංකාවට තෑගි කළ අලි ඇතුන් දෙදෙනා, තායිලන්තයට ගෙන්වා ගැනීමට එරට රජය සූදානම් වෙයි

Editor O

Brothel raided in Malay Street, Colombo

Mohamed Dilsad

Leave a Comment