Trending Newsඑසැන පුවත්දේශීය

ලංවීම සේවකයෝ දෙවෙනි දිනටත් අකුරට වැඩ….

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නතර කිරීම ඇතුළු ඉල්ලීම් 24 මුල් කරගෙන රට පුරා විදුලි සේවකයින් ගෙන යන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් ඉදිරියට ගෙන යෑමට විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති තීරණය කර ඇතැයි වාර්තා වෙයි..

ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රියට පෙර සිය ඉල්ලීම්වලට විසඳුමක් ලබා දීමට විදුලි බල ඇමතිවරයා ප්‍රමුඛ වත්මන් පාලකයින් කටයුතු නොකළොත් දැනට ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය අඛන්ඩ වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාමාර්ග වෙත යොමුවීමට තීරණය කරන බව විදුලිබල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසීය.

විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (6) වන විට දින දෙකක් ගතවී ඇතත් මේ වෙන තෙක් ඊට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව ඒ මහතා පවසයි.

යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයින්ට වන්දි ක්‍රමයක් යෝජනා කර ඇතත් ඊට මණ්ඩලයේ සියලු සේවකයින් විරෝධය පළ කර සිටින බව කෝසල අබේසිංහ මහතා පැවසීය.

Related posts

පාකිස්තානයෙන් බාස්මතී ආනයනයට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න වැඩ ආරම්භ කරයි

Mohamed Dilsad

பி.ப. 1.00 மணிக்குப் பின்னர் மழை அல்லது இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment