Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාන තුනක වෙඩි තැබීම්

මිහින්තලේ, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසක් ඉලක්ක කර ගනිමින්, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (06)අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

මෙම සිදුවීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බව පොලිසිය තහවුරු කරයි.

මුදල් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇතැයි පොලිසිය වැඩිදුරටත් සැක කරයි.

මේ අතර අද පෙරවරුවේ පානදුර, අලුබෝමුල්ල සඳගලවත්ත ප්‍රදේශයේ වෙළෙඳසැලකට අද (06) උදෑසන වෙඩිතැබීමක් සිදු කර ඇත.

පොලිසිය පවසන්නේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර 9 වර්ගයේ පිත්තෝල ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවයි.

ඒ අවස්ථාවේ කාන්තාවක් එහි සිට ඇති අතර වෙඩිල්ල වැදී ඇත්තේ ශීතකරණයකටයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.

Related posts

“Wonder Woman” passes final “Harry Potter” box-office

Mohamed Dilsad

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට පියවර ?

Editor O

Vandalising Buddhist statues in Mawanella: Suspects further remanded

Mohamed Dilsad

Leave a Comment