Trending Newsඑසැන පුවත්දේශීය

ෂැංහයි සමුළුව ට, ජනාධිපති නොගියේ වැඩ වැඩි නිසයි.

ශ්‍රී ලංකාව සංවාද සාමාජිකයකු ලෙස ෂැංහයි සමුළුව නියෝජනය කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ සඳහා සහභාගී වීමට තිබුණ ද ජනාධිපතිවරයාගේ කාර්යබහුලත්වය නිසා සමුළුව යෑමට නොහැකි වූ බව ද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ඉදිරියේ දී ජපානයේ නිල සංචාරයක් සඳහා ද එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වීමට ද ඇති බව නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉදිරියේ දී කාල වේලාව අනුව මෙවැනි සමුළු සඳහා එකතු වන බව ද ඒ මහතා පැවසුවේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරධනයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි මාධ්‍ය වේදියෙකු ප්‍රකාශ කළ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තමන් නොදන්නා බවයි.

Related posts

ஐ.தே.கட்சியில் இருந்து விலகிய இருவருக்கு தொகுதி அமைப்பாளர் பதவி

Mohamed Dilsad

කෘෂිකර්ම ඇමති පාඨලීට එරෙහිව සීඅයිඩී යයි

Mohamed Dilsad

මෙරට කොවිඩ් එන්නත් මාත්‍රා 02ම ගත් පිරිස ලක්ෂ 02 කට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment