Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකයට ඇති අභියෝගය ගැන විපක්ෂ නායකගෙන් පුරෝකථනයක්…

2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට නම් 2025, 2026 සහ 2027 යන වසර 3 අවම වශයෙන් 5%ක ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුවත් ලෝක බැංකුවත් අයි.එම්.එෆ්. පුරෝකථනයත් අනුව රටේ ආර්ථික වර්ධනය වේගය අඩු හෙයින් සියලු දෙනා අත්වැල් බැඳගෙන ආර්ථිකය ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. .

2028 සිට අප රටක් ලෙස වාර්ෂිකව ඇ. ඩොලර් බිලියන 5.5ක විදේශ ණය ගෙවිය යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

සියයට 5% ආර්ථික වර්ධන වේගය පවත්වාගැනීමට නොහැකිනම්, 2022 තත්ත්වය නැවත වරක් 2028 නිර්මාණය වී ජනතාව පීඩනයට පත්ව අසරණ වන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙයින් මේ සත්‍ය වටහා ගෙන එම අභියෝග ජය ගැනීමට සියලු දෙනා කැපවිය යුතු වුවත් අද රටේ ඇත්තේ බොරුව රැවටීම මංමුලාව බව ප්‍රේමදාස මහතා කියාසිටියේය.

පැය 24ම බොරුවෙන් ජනතාව රවටා, අන්දවා ඇති බවත් ප්‍රවෘත්ති මවමින් නැති දේවල් ඇති කරමින් ඇති දේවල් නැති කරමින් යන බවත් මේ ඇන්දවිල්ල තුළ රැවටෙන්නේ ලක්ෂ 220ක් ජනතාව බවත් මුදල් ගෙවා කුලියට විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් බොරුව රජකරවන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (04) වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම පුරාණ රජමහා විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද ධාතු මන්දිරය, පරිගණක මධ්‍යස්ථානය සහිත තෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

ஓமந்தையில் நிலக்கீழ் வெடிகுண்டுகள் மீட்பு

Mohamed Dilsad

Arrest warrants issued on four Theros over damaging public property

Mohamed Dilsad

Speaker issues another statement

Mohamed Dilsad

Leave a Comment