Trending Newsඑසැන පුවත්දේශීය

ෂැංහයි සමුළුව ට, ජනාධිපති නොගියේ වැඩ වැඩි නිසයි.

ශ්‍රී ලංකාව සංවාද සාමාජිකයකු ලෙස ෂැංහයි සමුළුව නියෝජනය කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ සඳහා සහභාගී වීමට තිබුණ ද ජනාධිපතිවරයාගේ කාර්යබහුලත්වය නිසා සමුළුව යෑමට නොහැකි වූ බව ද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයාට ඉදිරියේ දී ජපානයේ නිල සංචාරයක් සඳහා ද එක්සත් ජාතීන්ගේ සමුළුවට එකතු වීමට ද ඇති බව නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඉදිරියේ දී කාල වේලාව අනුව මෙවැනි සමුළු සඳහා එකතු වන බව ද ඒ මහතා පැවසුවේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරධනයක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි මාධ්‍ය වේදියෙකු ප්‍රකාශ කළ විට ඔහු සඳහන් කළේ ඒ පිළිබඳ තමන් නොදන්නා බවයි.

Related posts

ශ්‍රී ලංකා රුපියල සියයට 8.4%කින් වර්ධනය වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුව

Editor O

වාස් ගුණවර්ධනට වසර 5 ක සිරදඬුවම්

Mohamed Dilsad

பொலிசாரின் தாக்குதலுக்கு இலக்காகிய பிரதேச சபையின் உறுப்பினர்

Mohamed Dilsad

Leave a Comment