Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථ 2,000ක් රේගුවේ රඳවාගෙන…!

මෝටර් රථ 2,000කට ආසන්න සංඛ්‍යාවක් දැනට රේගුවේ රඳවාගෙන සිටින බව වාහන ආනයනකරුවන් පවසයි.

ඊට හේතු වී ඇත්තේ එන්ජිමේ ධාරිතාව සම්බන්ධව පැනනැගුණු ගැටලුවක් සහ තෙවන පාර්ශවීය රටවලින් විවෘත කරන ලද ණයවර ලිපි බව ඔවුන් පෙන්වා දෙයි.

රඳවා ගත් වාහන අතරින්, විද්‍යුත් මෝටර් රථ 1,000ක් පමණ එන්ජින් ධාරිතාව ප්‍රකාශයට පත් කිරීමේ ගැටලුව නිසා රේගුව භාරයේ ඇති බවත්, ඉතිරි වාහන තෙවන පාර්ශවීය ණයවර ලිපි හරහා ආනයනය කිරීම හේතුවෙන් රඳවාගෙන ඇති බවත් ආනයනකරුවෝ වැඩිදුරටත් කියා සිටිති.

තෙවන පාර්ශවීය ණයවර ලිපි සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද ඔවුහු සඳහන් කරති.

මෙම මාසය අවසන් වන විට සියලු පාර්ශවයන් එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත්, රඳවාගත් වාහන සඳහා පනවා ඇති ප්‍රමාද ගාස්තු සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු ප්‍රකාශ කරති.

ප්‍රමාද ගාස්තු පිළිබඳව අදහස් දක්වමින් ඔවුන් පවසා සිටියේ, පසුගිය මැයි මාසයේ සිට රඳවාගෙන ඇති වාහනයක් සඳහා හම්බන්තොට වරායේ ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 15ක් පමණ වන අතර, කොළඹ වරායේ ප්‍රමාද ගාස්තුව රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවයි.

මෙම වාහන නිදහස් කරගැනීමට හැකි වුවත්, අධික ප්‍රමාද ගාස්තු හේතුවෙන් ඒවා විකිණීම අභියෝගයක් විය හැකි බව ද ආනයනකරුවෝ පෙන්වා දෙති.

Related posts

தேவதையாக காட்சியளித்த தீபிகா படுகோன்…

Mohamed Dilsad

காணாமலாக்கப்பட்ட மாணவர்கள் குறித்து விசாரணை ஆணைக்குழு

Mohamed Dilsad

வவுனியா நகரசபையை கூட்டணி கைப்பற்ற மக்கள் காங்கிரஸ் முழு ஆதரவு!

Mohamed Dilsad

Leave a Comment