Trending Newsඑසැන පුවත්දේශීය

මේ වස⁣රේ පළමු මාස 07 ට, අල්ලස් පැමිණිලි 3937ක්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 2025 වසරේ මුල් මාස 07 තුළ පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බව එම කොමිෂම පවසයි. එම වැටළීම්වලදී අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 49කි.

අත්අඩංගුවට පත් 49 දෙනා අතරින් වැඩිම පිරිස පොලිස් නිලධාරීන් බවත් එසේ අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17ක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී තවත් පුද්ගලයින් 39 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවත් සඳහන්.

එමෙන්ම ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද එම කොමිසම ප්‍රකාශ කර ඇත.

Related posts

டி.எம்.ஜயரத்னவின் பூதவுடல் முழு அரச மரியாதையுடன் நல்லடக்கம்

Mohamed Dilsad

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

Mohamed Dilsad

கங்காராம விகாரை ஆசீர்வாத பூஜையில் ஜனாதிபதி பங்கேற்ப்பு

Mohamed Dilsad

Leave a Comment