Trending Newsඑසැන පුවත්දේශීය

තුම්මුල්ලේ විරෝධයට, විමල් වීරවංශ ට එරෙහි නඩුව යළි කැඳවයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරුද්ධත්වය දක්වමින් කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට 2016 වර්ෂයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 10 දින පවත්වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද(1) නියෝග කළා.

මෙම නියෝගය සිදු කළේ සිද්ධියට අදාළ සැකකරුවන් හය දෙනාගෙන් එක් අයෙකු අද අධිකරණයේ පෙනි නොසිටිම හේතුවෙන්.

2016 පෙබරවාරි 6 වැනි දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට, තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමින් උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබුණා.

Related posts

புகையிரத பயண கட்டணங்கள் அநீதியான முறையில் அதிகரிப்பு….

Mohamed Dilsad

The final report of the select committee probing the Easter Sunday Attack to be released on 23rd of August

Mohamed Dilsad

අලි සබ්රි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

Editor O

Leave a Comment