Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනිට අධිකරණ නියෝගයක්

අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගෙන් සහ ඇයගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අගමැතිනිය එම රෝහලට ගිය බවට පළවූ සමාජ මාධ්‍ය පුවත පිළිබඳව සිදුකරන විමර්ශන වලට අදාළවයි.

අගමැතිනියගෙන් හා ඇගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අවශ්‍ය වුවහොත් ජාතික රෝහලේ කැමරා දර්ශන ද පරීක්ෂා කිරීමට අවසර දීමට හැකියාව ඇති බවද අධිකරණය පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට අගමැතිනිය ගිය බවට පළවූ පුවත අසත්‍ය බවත් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලමින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසිය මෙම විමර්ශන සිදු කරයි.

Related posts

IAEA’s Director General arrives today

Mohamed Dilsad

පවතින ව්‍යසනය පාලනය කිරීමට හිටපු කථානායකගෙන් කරුණු 07 ක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment