Trending Newsඑසැන පුවත්දේශීය

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

(UTV | කොළඹ) –

2025 වසරේ ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ම රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට දැනට ලැබෙන ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය සහ සංස්ථා සේවකයින් ට සියයට  25% සිට 40% වැටුප් වර්ධකයක් ලබා දීමට ද එමගින් එකතාව පළ වී තිබේ. රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව මෙම පියවර ගැනීමට නියමිත බව සඳහන්.

මෙම වැටුප් වැඩි කිරීම රාජ්‍ය සහ සංස්ථා සේවකයන්ට ද ලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. මීට අමතරව එම වැටුප් වර්ධකය සෑම වසර තුනකට වරක්ම යළි සලකා බැලීමට ද අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.  මෙම වැටුප් වර්ධකයන්ට සමගමීව විශ්‍රාමිකයන්ට ද සහන සැලසීමට අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

Over 800,000 people served by Suwa Seriya Ambulance Service

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment